'සුබ -අසුබ' ගැන එකිනෙකාට ප්‍රශ්න කර ගනිමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අතර අද (02දා) පාර්ලිමේන්තුවේදී විවාදයක් ඇති විය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කළ අතර ඊට විපක්ෂනායකවරයා ප්‍රතිචාර දැක්වීමත් සමග මෙම විවාදය ඇති විය.
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස - ඔබතුමා කතාවක් කිව්වා සුබද අසුබද කියලා. මම අහන්න කැමතියි ජනාධිපතිතුමාගෙන් මන්දපෝෂණය වැඩිවීම සුබද අසුබද? රැකියා අහිමි වීම සුබද අසුබද ? රටේ උගතුන් රට හැරයාම සුබද අසුබද? දුප්පත්කම වැඩිවීම සුබද අසුබද ? කුඩා මධ්‍ය කර්මාන්ත වැසී යාම සුබද අසුබද ? ව්‍යවසායකයන් ව්‍යාපාරවලින් ඉවත් වීම සුබද අසුබද , පාසල් පද්ධතිය තුළ දරුවෝ කලන්තේ දාලා වැටෙන එක සුබද අසුබද? ඉදිකිරීම් කර්මාන්තය කඩාගෙන වැටෙන එක සුබද අසුබද , ආහාර වේල් තුන කාපු අය වේල් තුන කනකොට, වේල් දෙක කාපු අය එකවේල කනකොට, එක වේලක් කාපු අය එකම වේලක්වත් ගන්නේ නැතිකොට ජනාධිපතිමා ඒක සුබද අසුබද?
ජනාධිපති රනිල් වික්‍රමසිංහ - මගේ ඇහුවා ප්‍රශ්නයක් මන්දපෝෂණය නිසා ළමයි පන්තියේ වැටෙන එක සුබද අසුබද කියලා. ඒක අසුබයි. ඒ නිසා තමයි අස්වැසුම ගෙනාවේ. ඒ නිසා තමයි සහල් කිලෝ 10 ගානේ මාස 2ක් දුන්නේ. ඒ නිසා තමයි ඇමතිතුමා ආහාර දෙන්න පටන් ගත්තේ. දුප්පත්කම සුබද අසුබද අහනවා.
දුප්පත්කම අසුබයි. ඒකයි ලක්ෂ 20ට උරුමය අයිතිය දෙන්නේ. ඒකයි ලක්ෂ දෙකහමාරකට අපි ගෙයක් දෙන්නේ. තව මොනවද ඕනෑ? මේක සුබද අසුබද? විරැකියාව අසුබ නිසා තමයි කර්මාන්ත ශාලා පටන් ගත්තේ. මම තව එකක් අහනවා. මේ රටේ ආර්ථිකය කඩාවැටිලා මිනිස්සු හාමතේ ඉන්නකොට අගමැතිකම ගන්නේ නැතිව දුවන එක සුබද අසුබද කියලා අහනවා.