තම පක්ෂයේ ප්රතිපත්තිය අතිතයේ පටන්ම එක්සත් ජාතික පක්ෂ විරෝධී බවත් තමන් තවදුරටත් එක්සත් ජාතික පක්ෂ විරෝධී කඳවුර නියෝජනය කරන බවත් පාර්ලිමේන්තු මන්ත්රි නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.
ඒසේම ඊයේ සවස ජනපති රනිල් වික්රමසිංහ මහතා සමග සාකච්ඡා පැවැත්වූ පොදුජන පෙරමුණේ ඇතැම් මන්ත්රීවරු ඊයේ රාත්රි යේම මෙන්ම අද උදෑසනත් තමන් හමුවූ බවද ඔහු පැවැසීය.
එසේම ජනපතිවරණය යනු ජාතික නායකයෙක් තෝරා ගන්නා මැතිවරණය බවත් එයට මනාප දේශපාලනයෙන් බලපෑමක් නොමැති බවත් ඔහු පැවැසීය.
පොහොට්ටුවේ නටුව මෙන්ම මලත් ඇත්තේ ජනතාව අතර බවද ඔහු වැඩිදුරටත් පැවැසීය