ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (24) රාත්රී හදිසියේම මහනුවරට පැමිණ දළදා දැක්මට එක්ව සිටින බැතිමතුන් අතරට ගොස් ඔවුන් සමග සුහද කතාබහක නිරත වන අයුරු දැකගත හැකි විය.
කෙසේ නමුත් ඊයේ රාත්රිය වන විට දළදා දැක්මට එක්ව සිටින බැතිමතුන් විශාල වශයෙන් ආපසු හැරී යන අයුරු දක්නට ලැබුන අතර දින ගණනාවක් පුරා කටුගස්තොට නගරයද පසු කරමින් රාත්රී කාලයේ තිබූ පෝලිම් හරි අඩකටත් වඩා අඩුව තිබෙන අයුරු දැකගත හැකිය.
මෙවර දළදා දැක්ම තවත් දින කිහිපයකින් දික් කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් අද (25) දිනයේදී මල්වතු අස්ගිරි මහා නා හිමිවරුන් ප්රමුඛ දියවඩන නිලමේවරයා තීරණය කරණු ඇති බව දැනගන්නට තිබේ.