ශ්රි ලංකාවේ අටවැනි විධායක ජනපතිවරයා තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්රීවරුන් අතර පැවැති ඡන්ද විමසීමෙන් වැඩබලන ජනපති රනිල් වික්රමසිංහ මහතා ජයග්රහණය කර තිබේ.
ප්රකාශිත ඡන්ද අතරින් රනිල් වික්රමසිංහ මහතා ඡන්ද 134 ලබාගත් අතර ඩලස් අලහප්පෙරුම මහතාට ලබාගත හැකිවූයේ ඡන්ද 82ක් පමණි.
අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 3ක් ලබාගත්තේය.
හිස්වුණ පුටුව රනිල්ට...
වැඩබලන ජනපති ලෙස කටයුතු කරන රනිල් වික්රමසිංහ මහතා අසළ පවතින හිස් ආසනය පාර්ලිමේන්තුවේ ජනපතිවරයාගේ ආසනනයි. මෙම ඡායාරූපය ඊයේ නාමයෝජනා භාර දුන් අවස්ථාාවේදී ගනු ලැබීය. අද දිනයේදී එම පුටුවට සුදුස්සෙක් තෝරා පත්කර ගැනීම වෙනුවෙන් වූ ඡන්ද විමසීමෙන් රනිල් වික්රමසිංහ මහතා ජයග්රහණය ලැබීය.
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_b7ee38b301.jpg)