ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා තවදුරටත් ශ්රී ලංකාවේ රැදී සිටින බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවැසීය. ඉන්දියාවේ ANI පුවත් සේවය සමග දුරකතනය ඔස්සේ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පවසා තිබේ.
ජනපතිවරයා රටින් පිටව ගොස ඇති බවට තමන් බී.බී.සි. පුවත් සේවය සමග සඳහන් කළ දෙය අත්වැරදිමක් බවද ඔහු ප්රකාශ කළේය.
මෙහිදී ඒ.එන්.අයි. පුවත් සේවය විමසා ඇත්තේ ජනපති හා අගමැති ඉන්නේ කොහෙද යනුවෙනි.
එයට පිළිතුරු දෙමින් කථානායකවරයා සඳහන් කර ඇත්තේ ඔවුන් දෙදෙනාම තවමත් ලංකාවේ සිටින බවයි.