කුවේට් රාජ්‍ය අග්‍රාමාත්‍ය ෂෙයික් අහමඩ් අබ්දුල්ලා අල් අහමඩ් අල් සබා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් ඊයේ (11දා) පවත්වා තිබේ.
ශ්‍රී ලංකාවේ දේශපාලන හා මූල්‍ය ස්ථාවරත්වය තහවුරු වී තිබෙන වත්මන් අවස්ථාවේ ආයෝජන හා සංචාරක ක්ෂේත්‍ර සඳහා විභවයන් පුළුල් වී ඇති බව මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.
දෙරට අතර වෙළඳාම ශක්තිමත් කිරිමට හා වෙළඳපොළ විවිධාංගීකරණය කිරීම සම්බන්ධයෙන් මෙහිදී දෙපාර්ශ්වයේ අවධානය යොමු වූ අතර, ඒ සඳහා නව උපායමාර්ග සොයා ගැනීමේ වැදගත්කම පිළිබඳවද සාකච්ඡා කෙරිණි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම ලබා ගැනීමේදී කුවේට් රාජ්‍යය ශ්‍රී ලංකාවට ලබා දුන් සහයෝගය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් කුවේට් අග්‍රාමාත්‍යවරයාට මෙහිදී ස්තූතියද පළ කර තිබේ.