නව ආදර්ශ ගණනාවක් නව කැබිනට් මණ්ඩලයට ලබා දිය හැකි වනු ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමෙන් පසු ප්රකාශයක් කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
“ඔබ හැමදෙනාම කැබිනට් එකට අලුත්. පාර්ලිමේන්තුවට අලුත්. ඒත් දේශපාලවට අලුත් නෑ. වැඩ කරන්න අලුත් නෑ. ඒ නිසා අපි හිතනවා ජනතාවට අලුත් පන්නයේ ආදර්ශයන් ගණනාවක් මේ කැබිනට් මණ්ඩලයට අරන් දෙන්න පුළුවන් වෙයි කියලා. ”