ජනපති ලේකම් කාර්යාලයෙ රැදී සිටි පුද්ගලයන් ඉන් ඉවත් කිරිමට ආරක්ෂක අංශ අද දින අලුයම් කාලයේ ක්‍රියාත්මක කළ මෙහෙයුම සම්බන්ධයෙන් පොලිසි මාධ්‍ය ප්‍රකාශක කොට්ඨාසය පැහැදිලි කිරිමක් සිදුකර තිබේ.
එම කොට්ඨාසය සඳහන් කරන්නේ අවස්ථා කිහිපයකදී ඉන් පිටව යන ලෙස විරෝධතාකරුවන්ට දැන්වූ නමුත් විවිධ දින වකවානු සඳහන් කරමින් ඔවුන් එහි රැදී සිටි බවයි.
එසේම සාමය අගයන පාර්ශ්වද මෙම විරෝධතාකරුවන් ඉවත් නොකිරිම ගැන පොලිසියෙන් ප්‍රශ්න කළ බවත් මහජන සාමය ආරක්ෂා කිරිම වෙනුවෙන් ගතයුතු නිසි පියවර පොලිසිය විසින් ගන්නා බවත් එම නිවේදනයේ දැක්වෙයි.
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_04834ef4ad.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_ed3255d9e4.jpg)