ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් තුළ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමේ අරමුණින් පාසැල් 67ක් සඳහා ක්‍රිකට් උපකරණ ප්රදානය කිරීම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව, සාගල රත්නායක මහතාගේ පූර්ණ මගපෙන්වීම හා අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක Youth vision 2048 සංවිධානය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.
මෙහිදී අදහස් දැක්වූ සාගල රත්නායක මහතා සඳහන් කළේ ජාතික මට්ටමේ දක්ෂ ක්‍රීඩකයින් බිහි කිරීමට පාසල් ක්‍රිකට් ක්‍රීඩාව ඉතා වැදගත් බවයි. එසේම රටේ බිඳ වැටුණු ආර්ථිකය යළි නඟා සිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් දෙවසර තුළ කැපවී කටයුතු කළ බවත්, එම ආර්ථික වැඩපිළිවෙළ ඉදිරියට ක්‍රියාත්මක කර දූෂණයෙන් තොර ක්‍රමවත් ආර්ථික රාමුවක් තුළ රටේ දරුවන්ට හොඳ අනාගතයක් ගොඩනඟාදීම ජනාධිපතිවරයාගේ අපේක්ෂාව බවත් ඒ මහතා සඳහන් කළේය. ( I .J)