ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය ප්‍රථම විදේශ සංචාරය ආරම්භ කරමින් ඉන්දියාවේ තුන් දින නිල සංචාරයක් සඳහා අද පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය.
ඔහු සමග දූත පිරිස ලෙස මහාචාර්ය අනිල් ජයන්ත, අමාත්‍ය විජිත හේරත් සහ තවත් එක් අයෙකු එක් වී සිටියහ.
ඔවුන් 12/15 දින පස්වරු 02.08 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 195 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියහ.
මෙම පිරිස සිය ඉන්දීය සංචාරය නිම කර 12/17 දින ආපසු කටුනායකට ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිතය.