ජනපති අනුර කුමාර දිසානායක මහතා ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව සිදුකරන පළමු නිල සංචාරය ලෙස ඉන්දියාවට යාමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පැවැසීය.
මෙම සංචාරය දෙසැම්බර් මාසයේ මැද භාගයේදී සිදුකිරීමට සැලසුම් කර ඇති බව කැබිනට් මණ්ඩලය දිවුරුම්දීමෙන් අනතුරුව මාධ්‍ය යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පැවැසීය.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමග මෙහිදී ජනපතිවරයා ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.