ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයට ලගා වී තිබේ.
ජනාධිපතිවරයා එරට වේලාවෙන් අද (14දා) පෙරවරු 10.25 පමණ චීනයේ බීජිං ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟා වූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසීය.
එහිදී චීන හමුදාවේ බුහුමන් සහිතව චීන නියෝජ්‍ය විදේශ අමාත්‍ය චෙන් ශියාඩොන් විසින් ජනාධිපතිවරයා පිළිගෙන තිබේ.
සිව්දින නිල සංචාරයක් සඳහා ජනාධිපතිවරයා ඊයේ(13දා) මෙරටින් පිටත්ව ගියේය.
