ජාතිය, ආගම, කුලය වැනි කාරණා වෙනුවට රටේ ආර්ථිකය මෙවර ජනාධිපතිවරණයේ මාතෘකාව වීම සතුටට කරුණක්
කඩිනමින් අපනයන ආර්ථිකයක් වෙත පරිවර්තනය නොවුනහොත්, 2035 - 2040 කාලය තුළ යළිත් අර්බුදයක් ඇතිවිය හැකියි
තරුණ ප්‍රජාවට වඩා දීප්තිමත් හා ස්ථාවර අනාගතයක් නිර්මාණය කර දීමට නම් දේශපාලන හා සමාජ පද්ධති ද පරිවර්තනයකට ලක් කළ යුතුයි
විදේශ ගමන් බලපත්‍ර තදබදය කඩිනම්න් විසඳනවා: ඩිජිටල්කරණ වැඩපිළිවෙළ ආපස්සට හරවන්නේ නැහැ
සුළු ජාතික දේශපාලන පක්ෂ නායකයන් වෙනත් අපේක්ෂකයින් පසුපස ගියත්, සුළු ජාතික ප්‍රජාවේ බහුතරයේ සහයෝගය මට හිමිවෙනවා
යල්පැන ගිය ආර්ථික ක්‍රම වෙත නැවත යොමුවීම, මියගිය පුද්ගලයින්ට නැවත පණ දීමට සමානයි
ජාතිය, ආගම හෝ කුලය පිළිබඳව නොව රටේ ආර්ථිකය පිළිබඳව පමණක් අවධානය යොමු වූ ජනාධිපතිවරණයක් රට තුළ දක්නට ලැබීම පිළිබඳ ජනාධිපතිවරයා ලෙස තමන් ආඩම්බර වන බවත්, එතුළින් රටක් ලෙස එක්සත් ව කටයුතු කරමින් සමාජ විෂමතා පිළිබඳ පවතින ගැටලු විසඳීමට අවස්ථාව හිමිවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
මෙරට ආර්ථිකය කඩිනමින් අපනයන නැඹුරු ආර්ථිකයක් බවට පරිවර්තනය කර නොගතහොත්, දිගින් දිගටම ණය ගැනීමට සිදුවන බවත්, ඒ හමුවේ 2035 - 2040 කාලය තුළ තවත් අර්බුදයක් ඇතිවිය හැකි බවත් පෙන්වාදුන් ජනාධිපතිවරයා, රටේ තරුණ
ප්‍රජාවට වඩා දීප්තිමත් සහ ස්ථාවර අනාගතයක් නිර්මාණය කර දීමට නම් මෙරට ආර්ථිකය සමඟ දේශපාලන හා සමාජ පද්ධති ද පරිවර්තනයකට ලක් කළ යුතු බව අවධාරණය කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කර සිටියේ වෘත්තියවේදීන්ගේ සංසඳය විසින් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී ඊයේ (02) පස්වරුවේ සංවිධානය කර තිබූ “Ask Me Anything” විශේෂ වැඩසටහනට එක්වෙමිනි.
මෙම වැඩසටහන සඳහා ශ්‍රී ලංකාවේ සෑම ක්ෂේත්රයක්ම නියෝජනය කරන විද්වතුන් සහ වෘත්තිකයින් විශාල පිරිසක් එක්ව සිටි අතර ඔවුන්ට සිය ගැටලු ජනාධිපතිවරයා වෙත ඍජුව යොමු කිරීමට අවස්ථාව සලසා දී තිබීම ද විශේෂත්වයකි.
මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෘත්තිකයින් සමඟ පිළිසඳරක ද නිරත වූ අතර එහිදී ජනාධිපතිවරයා වෙත යොමු වූ ප්‍රශ්නවලට සාධනීය පිළිතුරු ලබාදීමට කටයුතු කළේය.
විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා පවතින තදබදය කඩිනම්න් විසඳීමට රජය කටයුතු කරන බවත්, මේ හේතුවෙන් ජනතාවට සිදුවී ඇති අපහසුතාවට රජයක් ලෙස ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බව ද මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා, මෙරට විදේශ ගමන් බලපත්‍රය ඩිජිටල්කරණය කිරීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ කිසිලෙසකත් ආපස්සට නොගන්නා බව ද සඳහන් කළේය.
ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරිමෙන් අනතුරුව තමාගේ අභිමතය පරිදි අමාත්‍ය මණ්ඩලයක් පත් කර නොගන්නා බවත්, ඒ වෙනුවට රටේ ජනතාව විසින් නව පාර්ලිමේන්තුවට තෝරාපත් කර එවන මහජන නියෝජිතයින් අතුරින් අමාත්‍ය මණ්ඩලය පත් කරගන්නා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය
එසේම, සුළු ජාතික දේශපාලන පක්ෂවල නායකයින් අනෙකුත් ජනාධිපතිවරණ අපේක්ෂකයින්ට මුල්තැන දෙන විට, මෙරට සුළු ජාතික ප්‍රජාවේ බහුතරය සහයෝගය හිමිව ඇත්තේ තමන්ට බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.