ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතින ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා වෙනවම ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවද ඩීල් එකක කොටස්කරුවන් බව ජන අරගල සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක නුවන් බෝපගේ මහතා පැවසීය.
ජනරැළියක් අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
“පසුගිය කාලයේ රනිලුයි විපක්ෂයයි අතර ඩීල් එකක් තිබ්බේ නැද්ද? තිබ්බා. රනිල් මැතිවරණ කල් දාන්න උත්සහ කරන අවස්ථාවේදී , ජනතාව නැවතත් අරගලයක් කැඳවන්න ඉල්ලා සිටින අවස්ථාවේදී ඔය සජිත්ලා, අනුරලා කිව්ව දේ තමයි කලබල වෙන්න එපා, රනිල්ට මේ විදියට යන්න දෙන්න. රනිල් මැතිවරණයක් දෙන වෙලාව වෙනකන් අපි ඉමු. ඒක ඩීල් එකක්. රනිල්ගේ පදයට නැටුවේ. එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි මේ තුන් දෙනාම ඩීල් එකක තමයි හිටියේ. දැන් මේ මැතිවරණයට ආවට පස්සේ කියනවා අරුයි ඩීල්, මූයි ඩීල් කියලා. ඒත් දිගටම ජනතාවය විරුද්ධව ඩීල් එකේ හිටපු ආණ්ඩු පක්ෂයයි විපක්ෂයයි තමයි සහෝදරවරු ඉදිරියට ඇවිල්ලා මේ එක එක බොරු කියන්නේ. අර එකම තොරන නම වෙනස් කර කර ගහමින් ඉන්නවා. රූප රාමු එකයි. ”