ජනතාව තැබූ විශ්වාසය ඒ ආකාරයෙන්ම ආරක්ෂා කරගන්නා බව නව අගමැති ආචාර්ය හරිණි අමරසූරිය මෙනවිය පැවසීය.
අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇය මේ බව සඳහන් කළාය.
දැන් වැඩ භාරගන්න ඕනී. වැඩ භාරගෙන වැඩේට බහින්න තමයි තියෙන්නේ.
ප්රශ්නය - අද හවස විසුරවා හරිනවාද?
පිළිතුර - බොහෝදුරට වෙයි.
ප්රශ්නය - ජනතාවට මොනවාද දෙන්න තියෙන පණිවිඩය?
පිළිතුර - ජනතාවට බොහොම ස්තූතියි අපි මත තියෙලා තියෙන විශ්වාසයට. ඒක අපි එලෙසම ආරක්ෂා කර ගන්නවා.