වර්ථමානයේ රෝගී අනුපාතනය අනුව ජනගහණය 1000ට වෛද්‍ය නිලධාරීන් 1.2ක් සිටින බවත්, එමෙන්ම රෝගී ඇඳන් අනුපාතය අනුව ජනගහණය 1000ට රෝගී ඇඳන් 4ක් තිබෙන බවත් පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.
එමෙන්ම වර්ථමානයේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව යටතේ ලියාපදිංචි ක්‍රියාකාරී වෛද්‍යවරැන් සංඛ්‍යාව 35,528ක් බවද මෙහිදී අනාවරණය විය.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරැණාතිලක මහතා ඊයේ(14දා) වාචික පිළිතුරැ අපේක්ෂාවෙන් පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරැ ලබා දෙමින් සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය මේ බව අනාවරණය කළාය.
සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සීතා අරඹේපොල - ශ්‍රී ලංකාවේ මධ්‍යම රජයට අයත් රෝහල් සංඛ්‍යාව 60යි. පළාත් සභා වලට අයත් රෝහල් සංඛ්‍යාව 1,101යි. ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයට අයත් රෝහල් සංඛ්‍යාව 190යි. මධ්‍යම රජයේ රෝහල් වල ඇඳන් සංඛ්‍යාව 45,713යි. පළාත් සභා වලට අයත් රෝහල් වල ඇඳන් සංඛ්‍යාව 41,109යි. පෞද්ගලික රෝහල් වල ඇඳන් සංඛ්‍යාව 5381යි. ඊට අමතරව අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු වල සෞඛ්‍ය ආයතන වල 2,964ක් ඇඳවල් තියෙනවා.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව යටතේ ලියාපදිංචි ක්‍රියාකාරී වෛද්‍යවරැන් සංඛ්‍යාව 35,528යි. හෙද නිලධාරීන් සංඛ්‍යා 2,922යි. හෙද නිලධාරිනියන් සංඛ්‍යාව 37,891යි. ශ්‍රී ලංකාවේ වෛද්‍ය - රෝගී අනුපාතය ජනගහණය 1000කට වෛද්‍ය නිලධාරීන් 1.2යි. රෝගී ඇඳන් අනුපාතය ජනගහනය 1000ට රෝගී ඇඳන් සංඛ්‍යාව 4යි.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරැණාතිලක - චෝදනාවක් තියෙනවා කාඩර් එක යාවත්කාලීන වෙලා නෑ කියලා බොහෝ කලකින්. ඒක පිළිගන්නවාද?
සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සීතා අරඹෙපොල - අලුතින් ඇතිවන වෛද්‍ය ආයතන සහ සියලුම වාට්ටු සංඛ්‍යාව වැඩිවීමත් සමග අමාත්‍යවරයා උපදෙස් දීලා තියෙනවා අලුත් කාඩර් එක හදන්න කියලා. දැන් ඒක නිමා වෙමින් පවතිනවා. ඒ විතරක් නෙවෙයි පවතින කාඩර් එකෙත් යම්කිසි අඩුවක් තියෙනවා පුරවන්න.