පළාත් පාලන ඡන්ද විමසීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුවට පවරන ඕනෑම රාජකාරියක් සිදුකිරීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ සියළුම කාර්ය මණ්ඩලය සූදානමින් සිටින බව තැපැල් හා විදුලි සංදේශ සේවා සංගමයේ සභාපති චින්තක බන්ඩාර ප්රකාශ කරයි.
ඔහු සඳහන් කරනුයේ පළාත් පාලන මැතිවරණයට අදාල තැපැල් ඡන්ද පත්රිකා අද (15) දින බෙදාහැරීමට නියමිතව තිබු බවත් මේ සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ සියලූම සේවකයන් සූදානමින් සිටි බවත් ඒ සඳහා පාලනාධිකාරිය විසින් අදාල උපදෙස් තැපැල් දෙපාර්තමේන්තුව වෙත ලබා දී ඇති බවයි.
එමෙන්ම මැතිවරණ කටයුතු සඳහා තැපැල් කාර්යාල මෙන්ම සේවකයන්ද සූදානම් කර ඇති බැවින් ඒ පිලිබඳ කිසිදු ගැටළුවක් තැපැල් දෙපාර්තමේන්තුවට නොමැති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියි.
මැතිවරණ කටයුතු සඳහා පූර්ව මුදල් ලබා දීම හෝ මුදල් ඉල්ලීමේ අවශතාවයක් තැපැල් දෙපාර්තමේන්තුවට නොමැති බවත් මැතිවරණයක් අවසන් වූ පසු අදාල ආයතන වලින් වැය වූ මුදල් මැතිවරණ දෙපාර්තමේන්තුව සඳහා ප්රතිපූරණය කල ක්රමවේදයක් මේ දක්වා පැවති හෙයින් තැපැල් දෙපාර්තමේන්තුවද මැතිවරණ ක්රියාවලියෙන් පසු අදාල මුදල් ලබා ගන්නා බැවින් මුදල් පිලිබඳ ගැටළුවක් තැපැල් දෙපාර්තමේන්තුවට නොමැති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
තිසර ගංගාදර
VIDEO