මැතිවරණය කල් දමා නොමැති බවත් කල් දැමීමට මැතිවරණයක් නොමැති බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පැවැසීය.
"විවාදයක් ඕන නම් විවාදයක් දෙන්නම්. විවාදය ඉල්ලුවේ අත්‍යාවශ්‍ය සේවා ගැන නෙමෙයි. විවාදය ඉල්ලුවේ ඡන්දේ කල් දානවා කියලා. ඡන්දෙ කල් දාලා නෑ. කල් දාන්න ඡන්දයක් නෑ. (ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට හිනා)
මම මෙයට මැදිහත් වෙන්නේ නෑ මොකද දේශපාලනය කරන්නේ නැති නිසා. විශේෂයෙන්ම අද මැතිවරණ කොමිෂම උසාවියට ගිහින් කියනවලු ඡන්දය පවත්වන්න බෑ කියලා.
මේ රටේ ආර්ථික තත්ත්වය හා ඡන්දය පවත්වන්න මුදල් නෑ කියලා මම කිව්වා. සභිකයන් සංඛ්‍යාව 5000ට අඩු කරමු කියලා මම මැතිවරණ කොමිෂමට කිව්වා.
දැනට මුදල් නෑ. දැනට ඡන්දෙකුත් නෑ.ඡන්දේ තියන්න මුදල් නෑ. මුදල් තිබුණත් ඡන්දයක් නෑ. ඉතින් මොනා කරන්නද? මොනවටද ඇවිත් කෑ ගහන්නේ. මේ කොමිෂම වග කියන්නේ පාර්ලිමේන්තුවට.
මට මන්ත්‍රීවරු කියලා තියෙනවා ඡන්දේ කල් දාන්න කියලා. විපක්ෂ මන්ත්‍රීවරුන්ට ඡන්දේ උවමනා නෑ. මොකක්ද කිව්වේ. මට එව්ව පණිවිඩය ඔබතුමල්ලා මේක ටිකක් කල් දාන්න අපි ටිකක් කෑ ගහලා වාඩි වෙනවා කියලා."