ජනාධිපතිවරණයට ඡන්දය ප්‍රකාශ කිරීමේදී වලංගු අනන්‍යතා ලේඛන මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
ඒ අනුව
- පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කර ඇති ජාතික හැඳුනුම්පත
- වලංගු විදේශ ගමන් බලපත්‍රය
- වලංගු රියදුරු බලපත්‍රය
- රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත(විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ)
- වැඩිහිටි හැඳුනුම්පත(ප්‍රාදේශීය ලේකම් කාර්යාල විසින් නිකුත් කළ)
- පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරනු ලබන පූජ්‍ය/ පූජක හැඳුනුම්පත
- පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරනු ලබන ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපිය
- මැතිවරණ කොමිෂන් සභාව මඳින් නිකුත් කරනු ලබන තාවකාලික හැඳුනුම්පත
- ආබාධිත තැනැත්තන් සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලබන තාවකාලික හැඳුනුම්පත
යන ලේඛන වලින් එකක් තිබීම ඡන්දය භාවිතා කිරීමේදී ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.