පවතින අයහපත් ආර්ථික වතාවරණ යටතේ පළාත් පාලන මැතිවරණ ඡන්ද විමසීම වැළක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් විශ්‍රාමික හමුදා කර්නල්වරයෙක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (23දා) විභාගයට ගැනිමට නිමිතය.
මීට අමතරව මින් පෙර සඳහන් කළ පරිදි මාර්තු 9 දා පළාත් පාලන මැතිවරණය පැවැත්වීම අපහසු බවට මැතිවරණ කොමිෂම මෝසමක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු දැක්වූ අතර එම මෝසමද අද දිනයේදී විභාගයට ගැනීමට නියමිතව තිබේ.
එසේම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට රාජ්‍ය නිලධාරීන් කරන බාධා කිරිම් වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමද අද දිනයේදී විභාගයට ගැනිමට නියමිතව තිබේ.