අගොස්තු මස 05 දා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේ ඡන්දය ගණන් කිරීමේ කටයුතු 06 දා උදෑසන 08.00ට ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද පවසයි.
ඒ අනුව පළමු ඡන්ද ප්‍රතිඵලය පස්වරු 04.00ට පමණ ප්‍රකාශයට පත් කිරීමට හැකිවනු ඇති බව ඔහු සඳහන් කරයි.
මාධ්‍ය ආයතන ප්‍රධානීන් සහ ප්රවෘත්ති අංශ ප්‍රධානීන් අතර අද (30) පෙරවරුවේ පැවැති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේය.