මුස්ලිම් ප්‍රජාව බහුතරයක් වෙසෙන බණ්ඩාරගම අටලුගම අල් ගස් සාලි මධ්‍ය මහා විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථාන හතරක් පැවැත්විණි.
ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අද (14) පෙරවරු හතේ සිට විශාල පිරිසක් ඒ සඳහා පැමිණෙන අයුරු දක්නට ලැබිණ. ගිනි අවි සහිතව දැඩි පොලිස් ආරක්ෂාවක් අවට යොදවා තිබිණි.