විවිධ අපේක්ෂකයන් මැතිවරණය ඉලක්ක කර ගනිමින් ලබා දෙන ඡන්ද අල්ලස් වැලැක්වීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කළ යුුතු බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පැවසීය.
පොළොන්නරුවේ ඊයේ(07දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
“දැන් ලෝකේ කොහේ හරි මීටර් 100 තරගයක් වේවා දිවීමේ සියලු දෙනාම ඉන්න ඕනී එක රේකාවේ. ඔවුන්ට දීලා තියෙනවා පතයක්. ට්‍රැක් එක මාරු කරන්න බෑ. ඒත් අද මේ රටේ අපේක්ෂකයෙකු ලෙස කටයුතු කරන වත්මන් ජනාධිපතිවරයා සීමාවෙන් මීටර් 20ක් විතර ඉස්සරහට ගිහින් හොරට දුවන්න හදන්නේ. තව අපේක්ෂකයෝ ට්‍රැක් පැනගෙන යනවා. ඒ අයට තියෙන බලතල අනුව කලු සල්ලි පාවිච්චි කරනවා, අනාගතයේ බලයට ආවම මේ මේ දේවල් දෙන්නම් කියලා පොරොන්දු පිට වෙන්න ඇති. නැත්නම් මේ සල්ලි කොහෙන්ද? සමාජ මාධ්‍ය ගත්තම ප්‍රවර්ධන කටයුතු සඳහා කොච්චර මුදලක් වියදම් කරනවාද. මේකත් මනිලොන්ඩරින්. මැතිවරණ කොමිසමෙන් ඉල්ලනවා මේ විදියට ඡන්ද අල්ලස් දෙන්න එක එක පුද්ගලයෝ කටයුතු කිරීම වහාම නතර කරන්න. ”