ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් චීනයෙන් ප්‍රමාණවත් සහායක් නොලැබුණත් ජාත්‍යන්තර මුූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල එකඟතාව ලැබී ඇති ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9ක විස්තීරණ මූල්‍ය පහසුකම නිදහස් කිරීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සලකා බලමින් සිටින බව බ්ලූම්බර්ග් පුවත් සේවය තොරතුරු වාර්තා කරයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කලාතුරකින් භාවිත කරන ප්‍රතිපත්තියක් යටතේ මෙම ණය මුදල සඳහා අධ්යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලබාදීම වෙනුවෙන් සලකා බලමින් සිටින බව එම පුවත් සේවය තොරතුරු වාර්තා කරයි.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන විස්තීර්ණ මූල්‍ය පහසුකම ඉදිරියට පවත්වාගෙන යාම වෙනුවෙන් මේ වන විට චීනයෙන් ප්‍රමාණවත් මූල්‍ය සහතිකයක් නොමැති වීම ගැටලුවක් බවට පත්ව තිබේ.
1948 දී බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා ගැනීමෙන් පසු ශ්‍රී ලංකාව සිය දරුණුතම ආර්ථික අර්බුදයට එරෙහිව සටන් කරන්නේ ඩොලර් හිඟය, ඉහළ යන මිල ගණන් සහ ඉන්ධන සහ බෙහෙත් වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟකම මධ්‍යයේ ය.
ශ්‍රී ලංකාව මේ වන විට ණය ගෙවීම් අත්හිටුවා ඇති අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9ක මූල්‍ය පහසුකම වෙනුවෙන් ද්විපාර්ශීවීය ණය හිමියන්ගෙන් මූල්‍ය සහතික අවශ්‍ය වෙයි.