නව කොරෝනා වෛරසය සමඟ සටන් කරමින් සිටින රටවලට චීනය යවන වෛද්‍ය සැපයුම් ප්‍රමාණය සීමා නොකරන බව එහි විදේශ වෙළඳ දෙපාර්තමේන්තුවේ පරීක්ෂක ජියැං ෆෑන් ඉරිදා මාධ්‍ය හමුවකදී පැවසීය.
“වසංගතය ආරම්භ වූ මුල් අවධියේදී බොහෝ රටවල් තම දෑත් අප වෙත දිගු කළ බව අපි අමතක නොකරමු,” යැයි ඇය පැවසුවාය.
“දේශීය වසංගත තත්ත්වය ලිහිල් වන නමුත් ගෝලීය වශයෙන් අඛණ්ඩව ව්‍යාප්ත වෙමින් පවතින හෙයින්, අදාළ රටවලට ආධාර සහ සහාය ලබා දීමට අපි කැමතියි ” යනුවෙන්ද ඇය සඳහන් කළාය.
මාර්තු 1 වනදා සිට චීනය යුවාන් බිලියන 10.2 ක් (ඩොලර් බිලියන 1.4 ක්) වටිනා ප්‍රධාන වෛද්‍ය සැපයුම් අපනයනය කර ඇති අතර, මුහුණු ආවරණ බිලියන 3.86 ක්, ආරක්ෂිත ඇඳුම් මිලියන 37 ක්, කෘතිම ශ්වසන යන්ත්‍ර 16,000 ක්, පරීක්ෂණ කට්ටල මිලියන 2.8 ක්, ඇස් කණ්ණාඩි මිලියන 8.4 ක් සහ අධෝරක්ත උෂ්ණත්වමාන මිලියන 2.4 ක් මේ කාලයේදී චීනය අපනයනය කර තිබේ.