කොවිඩ් -19 රෝගයෙන් මියගිය 3,300 කට වැඩි පිරිසකට ගෞරව දැක්වීම සඳහා අද (04දා) ජාතික ශෝක දිනයක් ලෙස චීනය ප්රකාශයට පත්කර තිබේ.
ඒ අනුව චීනය අද පෙරවරුවේ රට පුරා විනාඩි තුනක නිශ්ශබ්දතාවක් ආරක්ෂා කළේය.
පසුගිය වසරේ අගභාගයේදී චීනයේ වූහාන් නුවරින් කොරෝනා වසංගතය ආරම්භ විය.
එතැන් සිට, වෛරසය ලොව පුරා පැතිරී ඇති අතර, එය මිලියනයකට අධික පිරිසකට ආසාදනය වී තිබේ. මේ වන විට රටවල් 181 ක පුද්ගලයන් 60,000 කට ආසන්න පිරිසක් නව කොරෝනා වෛරසයෙන් මියගොස් තිබේ.