මෙවර මහ කන්නයේ දී වී වගා කරන ගොවි ජනතාව සඳහා චීන රජය විසින් ලබා දෙන ලද ඩීසල් ලීටර් මිලියන 6.8ක් ලබන සඳුදා සිට ගොවීන් හත් ලක්ෂ දෙදහසකට හෙක්ටෙයාර් තුන්ලක්ෂ හැත්තෑදහසක් සඳහා නොමිලයේ ලබා දෙන බව කාෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
මාස් කන්නයේ වී අස්වනු නෙලීම මෙම මස අවසානයේ සිට සිදු කෙරෙන බැවින් ලබන සඳුදා සිට ඉන්ධන වවුචර් ගොවීන් වෙත ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් නිකුත් කිරීමට කටයුතු යොදා තිබේ.
චීන රජය විසින් ලබා දෙන ලද ඩීසල් ගොවීන් සඳහා නිකුත් කිරීම සම්බන්ධව මාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
මෙම මාධ්‍ය හමුවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් සිල්වා, හා ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් යන මහත්වරු මෙන්ම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඒ.එම්. එච්. එල්. අබේරත්න මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චීන රජයෙන් කරන ලද ඉල්ලීමක් පරිදි චීන රජය විසින් ඩීසල් ලීටර් මිලියන 10.6ක් කෘෂිකාර්මික කටයුතු සඳහා සහ ධීවර කටයුතු සඳහා ලබා දුන්නේය. ඒ අනුව මෙම ඉන්ධන ලීටර් 6.8ක ප්‍රමාණය කෘෂිකාර්මික කටයුතුවල දී වී අස්වනු නෙළන අවස්ථාවේ දී ලබා දීමට තීරණය කළ බව අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ අනුව අක්කර බාගයේ සිට අක්කර දෙකහමාර දක්වා කුඹුරු ඉඩම්වලට මෙම ඉන්ධන සහනාධාරය හිමි වේ. හෙක්ටෙයාර් 01ක් හෙවත් අක්කර දෙකහමාරක් සදහා නොමිලයේ ලබා දෙන ඉන්ධන ප්‍රමාණය ලීටර් 15කි.
මීට අමතරව ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර යටතේ ගොවිජනතාවට මුදල් ලබා දීම සම්බන්ධ අදහස් පළ කළ අමාත්‍යවරයා අද දිනය වනවිට රුපියල් මිලියන 6000ක මුදලක් වී වගා කරන සියලු ගොවි ගිණුම්වලට බැර කර ඇතැයි ද සදහන් කළේය. තවත් රුපියල් මිලියන 2000ක් ඉදිරි දින කිහිපය තුළ ගොවි ගිණුම්වලට බැර කෙරේ.
වී වගා කරන කිසියම් ගොවි මහතෙකුට එම මුදල් ලැබී නැත්නම් ගොවි ජන සේවා මධ්‍යස්ථාන වෙත ගොස් විමසිය යුතු බවත්, සෑම ගොවියෙකුටම එම මුදල් ලබා දීමට කටයුතු කරන බවත්, ඒ නිසා අනවශ්‍ය ලෙස කළබල නොවන ලෙස ද අමාත්‍යවරයා ඉල්ලිමක් කළේය.
වී මිල දී ගැනීම සම්බන්ධව අදහස් පළ කළ අමාත්‍යවරයා වී මිල දී ගැනීම සඳහා අවම වශයෙන් රුපියල් මිලියන 5000ක් අවශ්‍ය බවත්, රුපියල් මිලියන 13,000ක් දුන්නත් අවශ්‍ය තරම් වී මිල දී ගැනීමට වී අලෙවි මණ්ඩලය දැනටමත් සූදානම් කර ඇති බවත් සඳහන් කළේය.
විෂයබාර අමාත්‍යවරයා වශයෙන් තමන් මහ කන්නයේ වී මිල දී ගැනීම සඳහා මුදල් ඉල්ලා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කළ බවත්, ඒ අනුව මෙවර මහ කන්නයේ වී මිල දී ගැනීම සඳහා රජය විසින් මුදල් ලබා දෙනු ඇතැයි තමන්ට විශ්වාස බව ද සඳහන් කළේය.
මැතිවරණය සම්බන්ධව ද මාධ්‍ය වේදීහු අමාත්‍යවරයාගෙන් කරුණු විමසූහ.
"අපිත් මෙවර පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් කණ්ඩායමක් ඉදිරිපත් කරනවා. මේ දිනවල අපි අපේ දේශපාලන කටයුතු සම්බන්ධව පාර්ශ්ව රැසක් සමග සාකච්ඡා කරනවා. පැයෙන් පැයට කතා කරනවා. ඊයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය සමග සාකච්ඡා කළා. ඒ වගේම ජනාධිපතිතුමන් සමගත් සාකච්ඡා කළා. මම කියන්නේ මැතිවරණ අවශ්‍යයි තමයි. නමුත් මේ මැතිවරණයකට වෙලාව නොවෙයි.
ඒ සල්ලි ගොවි ජනතාවගේ වී මිල දී ගන්න ඉල්ලුවේ ඒනිසයි. මම අපේ පක්ෂයේ සභාපතිතුමන් කියන දේවල්වලට උත්තර දෙන්න යන්නේ නැහැ. නමුත් අවශ්‍ය වේලාවට උත්තර ලබා දෙන්නත් සූදානම්"
VIDEO