නව කොරෝනා වයිරසයට එරෙහිව සටන් කරන රටවල් සහ කලාපවලට පුද්ගලික ආරක්ෂක උපකරණ ලබා දීමට චීනය දරන උත්සාහය තමන් පිළිගන්නා බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් බදාදා කියා සිටියේය.
COVID-19 ට එරෙහි සටනේදී චීනය මෙවැනි උපකරණ නැව්ගත කිරීම මගින් "ගෝලීය නායකත්ව කාර්යභාරයක් ඉටු කරනවා" යැයි සඳහන් කරන ට්රම්ප් චීනය වෙනත් රටවලට උදව් කරන්නේ “ධනාත්මක” යැයි තමා සලකන බවත් පැවසීය.
"වෛරසය වාර්තා වන රටවල් 151 ක් තිබෙනවා.” යැයි ට්රම්ප් පැවැසීය.
ඇතැම් රටවල් වලට මෙම ගැටලුවට මුහුණදීමට නවීන තාක්ෂණය නොමැති බවත් ට්රම්ප් පැවැසීය.
"චීනයට ඔවුන්ට උදව් කළ හැකි නම්, මම ඒ සියල්ලටම කැමතියි. චීනයට හා වෙනත් රටවල් අතිරේක සැපයුම්, තවත් රටවලට ලබා දීමට හැකිනම් මම කැමතියි." යැයි ඔහු වැඩිදුරටත් පැවැසීය.