චීන රජයේ ආධාර මත උපරිමාධිකරණ සංකීර්ණයේ ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් වු පරිපූර්ණ ඇස්තමේන්තු යුවාන් මිලියන 229 ක මුදල වෙනුවෙන් මුල්‍ය ගිවිසුමට අත්සන් තැබීම අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ මහතා සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ උපදේශක Tang Yandi යන මහත්වරුන් අදාළ ගිවිසුමට අත්සන් තැබූහ.
මෙම ගිවිසුම අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ හා ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි.