චීන යුද පුහුණු නෞකාවකට මෙරටට පැමිණීමට අවසර ලබාදුන් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය. ඒ අනුව එම නෞකාව මේ මාසයේදී මෙරටට පැමිණීමට නියමිත බවද ඔහු සඳහන් කළේය.
අද (08දා) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඔහු මෙම අදහස් පළ කළේය.
එය මෙරට ආරක්ෂාවට හානියක් නොවන බවත්, මින් පෙරද යුද අභ්‍යාස සඳහා මෙවැනි නැව් මෙරටට පැමිණ ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
වත්මන් රජය ඉන්දියාව, ඇමරිකාව, චීනය යන සියලු රටවල් සමග සහයෝගයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු කීවේය.