චීනයෙන් ගෙන්වූ කාබනික පොහොර සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලුකාරි තත්ත්වය ශ්‍රී ලංකාව හා අදාළ චීන සමාගම එක්ව දෙපාර්ශ්වයටම වාසිදායක ලෙස විසදා ගනිවියැයි විශ්වාස කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.
චීනයේ සීවින් සමාගම තෝරාගත්තේ ශ්‍රි ලංකාවේ කෘෂිකර්ම අමාත්‍යාංශය බවත් එම සමාගමේ නිෂ්පාදන ලෝකයේ බොහෝ සහතික ලබාගෙන ඇති බවත් තානාපති කාර්යාලය නිවේදනයනක් නිකුත් කරමින් පවසයි.
මුහුදු පැලෑටි යොදාගනිමින් නව තාක්ෂණික ක්‍රම හරහා කාබනික පොහොර නිපදවන බවත් 2000 වසරේදි සමාගම ස්ථාපිත කළේ ශ්‍රී ලංකා රුපියල් බිලියන 4.1ක පමණ ආයෝජනයකින් බවත් තානාපති කාර්යාලය පවසයි.
සමාගමේ ශාඛා ඔස්ට්‍රේලියාවේ මෙන්ම ඇමෙරිකාව තුළත් ස්ථාපිත කර ඇතැයි තානාපති කාර්යාලය පවසයි.
සීවින් සමාගමේ නිෂ්පාදන යුරෝපය හා ඇමෙරිකා මහාද්වීපය ඇතුළුව රටවල් 50කට අපනයනය කරන බවත් කාබනික පොහොර සෙල්සියස් අංශක 600ක උෂ්ණත්වයක් යටතේ ජීවානුහරණය කරන බවත් තානාපති කාර්යාලය පවසයි.
එවැනි තත්ත්වයක් යටතේ ක්ෂූද්‍රජීවීන් විනාශවන බවත් අර්වේනියා බැක්ටිරියාව දින තුනක සිදුකළ පරික්ෂණයකින් ලංකාවේදී සොයාගත්තත් එම පරික්ෂණ සඳහා දින 6ක කාලයක් ගත වන බවත් තානාපති කාර්යාලය සඳහන් කරයි.
මේ අනුව අදාළ සමාගමෙන් පොහොර ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රී ලංකාව ගත් ක්‍රියාමාර්ගය ප්‍රශ්නසහගත බව් ඒ හරහා සමාගමට විශාල මූල්‍යමය අලාභයක් සිදුවන බවත් තානාපති කාර්යාලය වැඩිදුරටත් සිය නිවේදනයෙන් පවසයි.