බීජිං - චීන වෛද්‍ය විද්‍යා ඇකඩමිය යටතේ ඇති ජීව විද්‍යා ආයතනය විසින් සංවර්ධනය කරන ලද COVID-19 එන්නත් චීනයේ දෙවන අදියර සායනික අත්හදා බැලීම්වලට අවතීර්ණ වී ඇති බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය සෙනසුරාදා වාර්තා කළේය.
එන්නත හරහා මිනිසාගේ ප්රතිශක්තීකරණයට හා ආරක්ෂාවට සිදුවන බලපෑම තවදුරටත් තක්සේරු කිරීම දෙවැනි අදියර් අත්හදා බැලීමේ යටතේ සිදුවෙයි. මෙහි අත්හදා බැලීම් යුනාන් හි සිදු කෙරේ.
මේ වන විට චීනයේ සායනික අත්හදා බැලීම් සඳහා COVID-19 එන්නත් පහක් අනුමත කර ඇති අතර එය ලොව පුරා සායනික අත්හදා බැලීම්වල ඇති මුළු එන්නත් වලින් 40% ක් පමණ වන බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය පවසයි.