2024 හා 2025 වසරවල චීන ආර්ථික වර්ධන අනුපාත පිළිවෙළින් 5% ක් හා 4.5% ක් වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. පසුගිය අප්‍රේල් මාසයේ නිකුත් කෙරුණු ලෝක ආර්ථික අපේක්ෂා පිළිබඳ වාර්තාව හා සසඳන විට එය 0.4% ක වර්ධනයකි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපසභාපතිනි ගීතා ගෝපිනාත් මහත්මිය මේ බව කියාසිටියේ 29 වැනිදා බෙයිජිං අගනුවර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. වසරේ පළමු කාර්තුවේ දී චීන දළ දේශීය නිෂ්පාදනය වේගයෙන් වර්ධනය වීම හා අනුගමනය කර ඇති ඵලදායී පියවර ගණනාවක් ඊට හේතු වූ බව ද ඇය ප්‍රකාශ කළාය.
අරෝෂා සමරදිවාකර