චීන ජනාධිපති ෂී ජින්පිං මහතා කසක්ස්ථාන ජනාධිපති Kassym-Jomart Tokayev මහතා සමග සාකච්ඡාවක් පවත්වයි. අස්තානා අගනුවර ජනාධිපති මන්දිරයේ දී අද (03) පෙරවරුවේ එය පැවැත්විණ.
තම සංචාරයේ දී කසක්ස්ථානයේ අඛණ්ඩ සංවර්ධනය පිළිබඳව නිසි අවබෝධයක් ලබා ගත් බව ෂී ජින්පිං මහතා එහිදී කියා සිටියේය. Tokayev ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ සෞභාග්‍යවත් ‘නව කසක්ස්ථානයක්’ ගොඩනැංවිය හැකි බවට චීන ජනාධිපතිවරයා විශ්වාස පළ කළේය.
එසේ ම, ‘චීන සංචාරක වසර’වැඩසටහන් මාලාව ලබන වසරේ කසක්ස්ථානයේ දී පැවැත්වීමට චීනයේ සහයෝගය ලබා දෙන බව ද ෂී ජින්පිං මහතා පැවසීය. කසක්ස්ථානය ශැංහයි සහයෝගිතා සංවිධානයේ වාරික සභාපතිත්වය දරමින් ඉටු කර ඇති කාර්යභාරය ඔහුගේ ඉහළ පැසසුමට ලක්විය.
තම රට එකම චීනය මූලධර්මය ස්ථිර ලෙස අනුගමනය කරන බව කසක්ස්ථාන ජනාධිපතිවරයා මෙහිදී පැවසීය. චීනය සමග එක්ව, ශැංහයි සහයෝගිතා සංවිධානය, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු බහුපාර්ශ්වික යාන්ත්‍රණයන් හි සම්බන්ධීකරණයට සක්‍රිය අයුරින් සහභාගි වීම තම අපේක්ෂාව බව ද හෙතෙම පැවසීය.
මේ අතර චීන ජනාධිපතිවරයා උස්බෙකිස්ථාන ජනාධිපති Shavkat Mirziyoyev මහතා සමග ද සාකච්ඡා පවත්වා තිබේ
අරෝෂා සමරදිවාකර (චීනයේ සිට)