තම චිත්‍රපටය සිනමා ශාලාවක් තුළදී ජංගම දුරකථනයක් ආධාරයෙන් රහසිගතව පටිගත කර යූ ටියුබ් චැනලවකට මුදා හැර තිබෙන බවට ලද තොරතුරකට අනුව තමන් පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසයට කළ පැමිණිල්ලකට අනුව මෙම අඩංගුවට ගැනීම සිදුවූ බව ප්‍රවීණ සිනමාවේ දී සෝමරත්න දිසානායක මහතා පැවසුවේය.
විශාල පිරිවැයක් දරමින් බිහි කරනු ලබන සිනමා නිර්මාණයක් මේ ආකාරයෙන් වංචා සහගත ලෙස පටිගත කර සමාජ මාධ්‍යට මුදා හැරීම බරපතළ අපරාධයක් බවත් මෙමගින් දේශීය සිනමා කර්මාන්තයේ පැවැත්මට දැඩි අභියෝගයක් එල්ල වන බවත් ඒ මහතා කීය.
ඉතා වෙහෙසකර ක්‍රියාවලියකින් පසු ජනතා ප්‍රදර්ශනයට මුදා හරින සිනමා පට මේ ආකාරයෙන් වංචා සහගත ලෙස පටිගත කර සමාජ මාධ්‍යයට මුදා හරින පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක විය යුතු බවද හෙතෙම අවධාරණය කළේය. මෙම නඩුව විභාගයට ගන්න අවස්ථාවේ එයට සහභාගී වී උසාවියෙන් එළියට එන අවස්ථාවේදී මාධ්‍ය අමතමින් ආචාර්ය සෝමරත්න දිසානායක මහතා මෙම අදහස් ප්‍රකාශ කළේය වැඩිදුරටත් සඳහන් කළේ ශ්‍රී ලංකාවේ සිනමා කර්මාන්තයේ යෙදී සිටින අනෙකුත් කර්මාන්ත කරුවන්ද තමන්ගේ නිෂ්පාදනයන් පිළිබඳව අවධානයෙන් කටයුතු කිරීමේ වැදගත්කමත් පෙන්වා දුන්නේ ( I J)
හේරත් ඒකනායක