ශ්රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය තුළින් පාර්ලිමේන්තුවට තේරීපත්වූ පාර්ලිමේන්තු මන්ත්රී මහාචාර්ය චරිත හේරත් මහතා කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. ඒ බව සඳහන් කරමින් මන්ත්රීවරයා සිය නිල X ගිණුමේ සටහනක් තබා ඇත. ඔහු මීට පෙර කෝප් කමිටුවේ හිටපු සභාපති වරයකුද වශයෙන්ද කටයුතු කර තිබේ. චරිත හේරත් මහතා කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වීමත් සමඟ එයින් ඉල්ලා අස්වූ මන්ත්රී ගණන තුනක් දක්වා ඉහළ යයි.