ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා පදිංචිව සිටිනපිළියන්දල වෑවල කේම්බ්‍රීජ් කෝට් නිවාස සංකීර්ණයේ පිවිසුමේ ප්‍රධාන දොරටුව අසලට ඉකුත් (20) රාත්‍රී පැමි ඇතුළු වීමට උත්සාහ දැරූ නාඳුනන පුද්ගලයන් දෙදෙනා හඳුනා ගැනීම සඳහා සීසීටීවී දර්ශන ඔස්සේ විමර්ශන සිදු කරන බව පිළියන්දල පොලිසිය කියයි.
එම අවස්ථාවේදී ප්‍රධාන දොරටුවේ රාජකාරී කරමින් සිටි ආරක්ෂක නිලධාරියාව පිළියන්දල පොලිසියට කැඳවා ප්‍රකාශ ලබා ගත් බවද පොලිස් නිලධාරියකු පැවසීය.
එම පුද්ගලයන් දෙදෙනා ප්‍රධාන දොරටුව අසලට පැමිණි අවස්ථාවේදී ඔවුන් කාගේ නිවසට යන්නේ දැයි විමසීමේදී කිසිදු පුද්ගලයෙකුගේ නමක් සඳහන් නොකළ බවත් එම නිලධාරියාගේ ප්‍රකාශයකින් අනාවරණය වූ බව පොලිසිය කියයි
නිවාස සංකීර්ණයේ පදිංචි කිසිදු අයෙකුගේ නමක් සඳහන් කිරීමට එම පුද්ගලයන් දෙදෙනා අසමත් වූ බැවින් ඇතුල්වීමට ඉඩ දිය නොහැකි බවට තමන් පැවසීමෙන් අනතුරුව එම පුද්ගලයන් දෙදෙනා තමන්ට බැන වදින්නට වූ බවත් එම අවස්ථාවේදී තමන් එම පුද්ගලයන් පැමිණි යතුරුපැදියේ ලියාපදිංචි අංකය සටහන් කර ගැනීම සඳහා උත්සාහ දැරීමේදී පැමිණි පුද්ගලයෙකු සතුව තිබූ ජංගම දුරකථනයෙන් තමන්ගේ ඡායාරූපයක් ලබාගත් ඒ හේතුවෙන් යතුරුපැදියේ ලියාපදිංචි අංකය ලියා ගැනීමට නොහැකි වූ බව එම ආරක්ෂක නිලධාරියාගේ ප්‍රකාශයකින් අනාවරණය වූ බව පොලිස් නිලධාරියකු පැවසීය.
එම නාඳුනන පුද්ගලයන් එම ස්ථානයේ රැඳී සිටින අවස්ථාවේදී එම නිවාස සංකීර්ණයේ පදිංචි මීට පෙර නාඳුනන පුද්ගලයන්ගේ විවිධ තර්ජන වලට ලක් වූ ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාට වින්දිතයන් ආරක්ෂා කිරීමේ කොට්ඨාශය මගින් ගිනි අවි සහිතව ලබා දුන් පොලිස් නිලධාරීන් දෙදෙනා වෙත දුරකථනයෙන් ඒ බව දැනුම් දුන්නද එම පොලිස් නිලධාරීන් දෙදෙනා එම ස්ථානයට පැමිණෙන විට එම පුද්ගලයන් දෙදෙනා පිටව ගොස් තිබූ බව එම ආරක්ෂක නිලධාරියාගේ ප්‍රකාශ වලින් වැඩිදුරටත් අනාවරණය වූ බව පොලිසිය කියයි.
මීට වසර දෙකකට පමණ ඉහතදී ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට අසූචි ප්‍රහාරයක් එල්ල කර තිබූ අතර මේ දක්වා කිසිදු සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ගෙන නොතිබුණි.
එලෙස පැමිණි පුද්ගලයන් කිනම් ප්‍රදේශයක පදිංචිකරුවන්ද? පැමිණි පුද්ගලයන් දෙදෙනා කවුරුන්ද? ඔවුන් කුමකට පැමිණියේද? ඔවුන් කාගේ වුවමනාවට පැමිණියේද? ආදී වශයෙන් යන්න පැති කීපයක් ඔස්සේ විමර්ශන සිදු කිරීමට නියමිතය
ඉකුත් (20) රාත්‍රී වූ සිද්ධිය සම්බන්ධයෙන් චමුදිත සමහර වික්‍රම මහතා විසින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රාහ්මණ හා ලියන්න පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් අත්තරගම මහත්වරුන් දුරකථනයෙන් දැනුම්වත් කර තිබිණි
පිළියන්දල පොලිසිය පරීක්ෂණ පවත්වයි