ගොනපීනුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශය තුළ පදිංචි පුද්ගලයින් 54 දෙනෙකු පී. සී. ආර්. පරික්ෂණවලට ලක්කළ බවත් අද (16) පස්වරුවේ ලැබුණු පරික්ෂණ වාර්තා අනුව ඉන් කිසිදු අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී ඇති බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මහතා පවසයි.
හබරාදුව හිනටිගල ප්‍රදේශයේ පදිංචි කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ උපදේශකවරයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවිමෙන් පසු ගොනපිනුවල ප්‍රදේශයේ පදිංචි ඔහුගේ පළමුපෙළ දෙවැනිපෙළ තෙවැනිපෙළ ආශ්‍රිතයින් පී. සී. ආර් පරික්ෂණවලට ලක්කල බව ද ප්‍රාදෙශිය වසංගත රෝග විද්‍යාඥවරයා සඳහන් කළේය.