හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ්රී ලංකාවට පැමිණීමට සුදුසු කාලය මෙය නොවන බව ජනපති රනිල් වික්රමසිංහ මහතා පවසයි.
හිටපු ජනපතිවරයා නැවත පැමිණීම මගින ඔහුගේ පරිපාලනයට එරෙහිව ඔහුව නෙරපා හැරීමට පෙළගැසුණු දස සිය ගනනක් විරෝධතාකරුවන් අතර යළිත් දේශපාලන ආතතීන් ඇතිවිය හැකි බව ජනපතිවරයා වෝල් ස්ට්රීට් ජර්නලය සමග සාකච්ඡාවකට එක්වෙමින් පැවැසීය.
ශ්රී ලංකාවේ කැබිනට් ප්රකාශක බන්දුල ගුණවර්ධන අඟහරුවාදා සඳහන් කළේ රාජපක්ෂ මහතා සැඟවී නොසිටි බවත් ඔහු නැවත පැමිණීමට අපේක්ෂාවෙන් සිටි බවත්ය.
පරිපාලනමය කරුණු මෙන්ම විවිධ කරුණු පිළිබඳව සාකච්ඡා කිරිමට තමන් ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ දිගටම සම්බන්ධ වූ බව සඳහන් කළ වික්රමසිංහ මහතා තමා ඉක්මනින් ලංකාවට පැමිණෙන බව ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් නොකළ බවද පැවැසීය.
"ඔහුට නැවත පැමිණීමට සුදුසු කාලය මෙය යැයි මම විශ්වාස කරන්නේ නෑ. ඔහු ඉක්මනින් ආපසු එන බවට මට කිසිදු ඉඟියක් දී නෑ"යැයි ජනපති රනිල් වික්රමසිංහ මහතා වැඩිදුරටත් පැවැසීය.