ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාලදිවයිනේ වේලාවෙන් පෙරවරු 11.30ට පමණ එරටින් සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිත බව මාලදිවයින් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව සෞදි ගුවන් සේවයේ ගුවන් යානයකින් හෝ පෞද්ගලික ජෙට් යානයකින් ඔහු මාලදිවයිනෙන් පිටත්වෙනු ඇතැයි එම මාධ්‍ය වාර්තා කරයි.
ඔහුගේ ගමනාන්තය සිංගප්පූරුව බවත් සෞදි ගුවන් සේවයේ පළමු පංතියේ ප්‍ර වේශපත්රයක් ඔහු මිලදී ගෙන ඇති බවත් එම මාධ්‍ය වාර්තා කරයි.
කෙසේ වෙතත් ඔහු ගමන් ගන්නේ කුමන ගුවන් යානයක් භාවිත කරමින්ද යන්න තවමත් පැහැදිලි නොමැති බව වාර්තා වෙයි.
සිංගප්පූරු රජය ජනපති ගෝඨාභයට ආරක්ෂාව ලබා දෙන බවට සහතික වී ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේදී මාලදිවයින් පාර්ලිමේන්තුවේ කථානායක හිටපු ජනපති මොහොමඩ් නෂිඩ් මහතා හමුවී ඇති බවත් මාලදිවයිනේ මාධ්‍ය වාර්තා කරයි.
මාලදිවයිනේ හා ශ්‍රී ලංකා වේලාව අතර පරතරය පැය භාගයක් වෙයි. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා මාලදිවයිනෙන් පිටත්ව යනු ඇත්තේ ශ්‍රි ලංකා වේලාවෙන් මධ්‍යාහ්න 12.00ටය.