හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වසර දෙකහමාරක සහල් සම්බන්ධයෙන් ගැසට් දොළහ පැනවීමට උපදෙස් දුන් කණ්ඩායමම වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට උපදෙස් දී, ලණු ලබාදෙමින් සිටින බවත්, රටේ මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයෝ රුපියල් 220 සහතික මිලට සහල් ලබාදෙන බව මාධ්‍ය සාකච්ඡා පවත්වා, ඔවුන් සිල්ලර වෙළෙඳසල් වලට රුපියල් 220 ක් වැනි මිලකට සහල් ලබාදෙමින් විහිළු සපයන බව එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති මුදිත පෙරේරා මහතා සඳහන් කළේය.
මේ වනවිට ඇතැම් ප්‍රදේශවල සිල්ලර සහල් ව්‍යාපාරිකයින් පිටුපස දොරෙන් රුපියල් 230 ට, 250 ට නාඩු සහල් කිලෝව නිකුත් කරමින් සිටින බවත්, මේ තත්ත්වය මත සහල් පාරිභෝගිකයින් දැඩි අසරණතාවයට පත්ව සිටි බැවින් වහාම සහල් මිල සංශෝධනය කිරීමට පියවර ගන්නා ලෙස තමා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද මුදිත පෙරේරා මහතා කීය.
මනම්පිටිය නිමල් ජයරත්න