Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 පෙබරවාරි මස 23 වන ඉරිදා
2025 පෙබරවාරි මස 23 වන ඉරිදා
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලබාගෙන ඇති ජාතික හැඳුනුම්පතට හා විදේශ ගමන් බලපත්‍රයට අදාළ සියලුම ලේඛනවලට අත්සන් කොට ඇත්තේ ජනාධිපතිවරයා වන හෙයින් එම සියලුම ලේඛන නීත්‍යනුකූල බව ආගමන විගමන පාලක ආර්.එම්.පී.එස්.බී. රත්නායක මහතා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා අභියාචනාධිකරණයට ඊයේ (02දා) දැනුම් දුන්නේය.
ගෝඨාභය රාජපක්ෂ මහතා ද්විත්ව පුරවැසි සහතිකය ලබා ගෙන ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ පුරවැසි පනතේ විධි විධානයන්යට එකඟව නීත්‍යානුකූල අන්දමින් බවද දැනුම් දුන් නෙරින් පුල්ලේ මහතා එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවයට අදාළ කිසිදු ලිපිගොනුවක් ආගමන විගමන පාලකවරයා සතුව නොමැති බවද, 2007 වසරේදී ආගමන විගමන දෙපාර්තමේන්තුව පරිගණක ජාලගත කළ අතර, එහිදී ඊට පෙර දෙපාර්තමේන්තුවේ පැවැති කිසිදු ලියවිල්ලක් විනාශ නොකළ බවද නෙරින් පුල්ලේ මහතා වැඩිදුරටත් දැනුම් දුන්නේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා නිසි ලෙස ශ්‍රී ලාංකික පුරවැසිභාවය ලබාගෙන නොමැති හෙයින් ඔහු සතුව ඇති විදෙස් ගමන් බලපත්‍රය, ජාතික හැඳුනුම්පත සහ ද්විත්ව පුරවැසි සහතිකය අවලංගු කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලමින් ගොනු කොට තිබූ පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී එලෙස දැනුම් දුන්නේය.
මෙම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ, අර්ජුන ඔබේසේකර සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ විභාගයට ගන්නා ලදී.
මෙම පෙත්සමට අදාළ කරුණ දේශපාලනමය වශයෙන් සංවේදී කරුණක් වන හෙයින් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියේ සලකා බැලීම සුදුසු බවට ගන්නා ලද තීරණයකට අනුව පෙත්සම් විභාගය ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබීය.
ඒ අවස්ථාවේදී මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කොට සිටින ආගමන හා විගමන පාලකවරයා, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයා, රහස් පොලීසියේ අධ්යක්ෂ ශානි අබේසේකර මහතා ඇතුළු පිරිසක් අධිකරණය හමුවේ පෙනී සිටියහ.
සිවිල් සමාජ ක්‍රියාකාරීන් දෙදෙනෙකු බව කියන ශ්‍රී ලංකා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරු ගාමිණී වියන්ගොඩ මහත්වරුන් විසින් ගොනු කොට ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලක ආර්.එම්.පී.එස්.බී. රත්නායක, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, එම අමාත්‍යාංශයේ ලේකම් ගාමිණී සෙනෙවිරත්න, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ, වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න, රහස් පොලිස් අධ්යක්ෂ ශානි අබේසේකර එහි විශේෂ ඒකකයේ ස්ථානාධිපති එල්. දිසානායක යන මහත්වරු නම් කරනු ලැබ සිටිති.
විදානපතිරණ ඇසෝසියේට්ස් නීතිඥ සමාගම මාර්ගයෙන් මෙම පෙත්සම ඉදිරිපත් කොට ඇති පෙත්සම්කරුවන් ශ්‍රී ලාංකික පුරවැසිභාවය අත්හැර ඇමෙරිකානු පුරවැසිභාවය ලබාගත් ගෝඨාභය රාජපක්ෂ මහතා පසු අවස්ථාවක යළිත් වරක් ශ්‍රී ලාංකික පුරවැසිභාවය ලබාගත් බවත්, ඔහු ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන බව දැනගන්නට ලැබුණු බවත් සඳහන් කොට ඇත.
නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය කර ශ්‍රී ලාංකික ද්විත්ව පුරවැසිභාවය ඔහු නැවත ලබාගෙන ඇති බවත්, එය භාවිත කරමින් 8305500 දරණ ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍රයක් සහ අංක 194917210010 දරණ ජාතික හැඳුනුම්පතක් ලබාගෙන ඇති බව දැනගන්නට ඇති බවත්, ඔහු පුරවැසිභාවය ලබාගැනීමට හෝ ජාතික හැඳුනුම්පත, විදේශ ගමන් බලපත්‍රය ලබාගැනීමට අදාළව අදාළ ආයතනවල ලිපිගොනු පවත්වාගෙන ගොස් නැති බවත් සඳහන් කරන පෙත්සම්කරුවෝ ශ්‍රී ලාංකික පුරවැසියෙකු නොවන අයෙකුට ජනාධිපති ධුරයට පත්විය නොහැකි බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 92 සහ 89 (ඒ) දරණ වගන්තිවල සඳහන් බව පෙන්වා දෙති.
ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකික පුරවැසිභාවය අයදුම් කර ඇත්තේ 2005 වසරේ නොවැම්බර් 18 ‐ 24 කාලයේදී වන අතර, ඒ කාලයේ එම අමාත්‍යාංශයේ ලේකම්වරයෙකු නොසිටි බවද, ගෝඨාභය මහතාගේ ද්විත්ව පුරවැසි සහතිකයෙහි ලේකම් වෙනුවට ඒ වනවිට අගමැති ලෙස කටයුතු කළ මහින්ද රාජපක්ෂ මහතා අත්සන් කොට ඇතැයිද පවසන පෙත්සම්කරුවෝ මහින්ද රාජපක්ෂ මහතා අත්සන් කළ සහතිකය නීත්‍යනුකූල නොවන බවද බව පවසති.
ඒ අනුව එම ද්විත්ව පුරවැසි සහතිකය භාවිත කර ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාගෙන ඇති විදේශ ගමන් බලපත්‍රය සහ ජාතික හැඳුනුම්පත නීත්‍යනුකූල නොවන්නේ යැයි පවසන පෙත්සම්කරුවෝ එබැවින් එම විදේශ ගමන් බලපත්‍රය සහ ජාතික හැඳුනුම්පත බලරහිත කරන්නැයි ඉල්ලා සිටිති.
ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකික පුරවැසියෙකු ලෙස පිළිගැනීම සහ කටයුතු කිරීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයිද, ගෝඨාභය රාජපක්ෂ මහතාට විදේශ ගමන් බලපත්‍රයක් හා ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමට ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයිද, මෙම පෙත්සම් විභාග කොට තීන්දුවක් ප්‍රකාශයට පත්කරනතුරු ඔහුට එම විදේශ ගමන් බලපත්‍රය හා ජාතික හැඳුනුම්පත භාවිත කිරීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයිද ඔවුහු ඉල්ලා සිටිති.
මෙම පෙත්සම කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නඩු විභාගය දැකගැනීම සඳහා නීතිඥවරුන්ට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් අධිකරණ ශාලාවේ රැස්ව සිටි අතර, මෙම නඩු කටයුත්ත අධිකරණය සහ නීතිඥවරුන් අතර පවතින ක්‍රියාදාමයක් බව පෙන්වා දුන් අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා අධිකරණයට රැස්ව සිටින බාහිර පාර්ශ්වයන් අධිකරණයේ ගෞරවය ආරක්ෂා වන ආකාරයෙන් කටයුතු කළ යුතු බව පැවසීය.
ආගමන පාලකවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණය අමතමින් 2007 වසරේදී ආගමන විගමන දෙපාර්තමේන්තුව පරිගණක ජාලගත කළ බවද, එහිදී ඊට පෙර දෙපාර්තමේන්තුවේ පැවැති කිසිදු ලියැවිල්ලක් විනාශ නොකළ බවද දැනුම් දුන්නේය. ඒ අවස්ථාවේදී වගඋත්තරකාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය අමතමින් 2007 වර්ෂයට පෙර ආගමන දෙපාර්තමේන්තුව සතුව පැවති ලිපිගොනු විනාශ කර ඇතැයි දැනගන්නට ලැබුණත්, ඒ සම්බන්ධයෙන් නීතීපතිවරයා කිසිවක් ප්‍රකාශ නොකරන බවද පැවසීය.
ඊට පිළිතුරු දෙමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණය අමතමින් එම චෝදනා අසත්‍ය බවත්, ආගමන විගමන දෙපාර්තමේන්තුව සතු කිසිදු ලිපිගොනුවක් විනාශ කර නොමැති බවත් පැවසීය.
2005 වර්ෂයේ සිට 2007 වර්ෂට දක්වා කිසිදු ලියවිල්ලක් ආගමන විගමන දෙපාර්තමේන්තුව සතුව නොමැති බව එම දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී ඇතැයිද, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදෙස් ගමන් බලපත්‍රය හා ද්විත්ව පුරවැසිභාවයට අදාළ ලියකියවිලි කිසිවක් ආගමන විගමන දෙපාර්තමේන්තුව සතුව නොමැති බවද දැනුම් දුන් නෙරීන් පුල්ලේ මහතා 2008 වර්ෂයේදී ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලය නව ස්ථානයක පිහිටුවීමත් සමග සියලු ලියකියවිලි පරිගණකගත කිරීම නිසා එම ලියවිලි නැතැයි එම දෙපාර්තමේන්තුවෙන් දැනුම් දුන් බවත් පැවසීය.
ඒ අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා මූලික විරෝධතා කිහිපයක් මතු කරමින් ඉහත ලියකියවිලි නොමැතිව මෙම නඩුව පවත්වාගෙන යෑමෙන් තම සේවාදායකයාට දැඩි අගතියක් සිදුවිය හැකි යැයි පැවසීය.
එසේම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අපරාධමය නඩු කටයුත්තක් පවත්වාගෙන යන අතරතුර අභියාචනාධිකරණය හමුවේ මෙලෙස අතුරු තහනම් නියෝගයක් ඉල්ලා සිටීම නීත්‍යනුකූල නොවන බවද පෙන්වා දුන් රොමේෂ් ද සිල්වා මහතා යම් හෙයකින් මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වෙන නඩු කටයුත්තේදී තම සේවාදායකයා නිදොස් වුවහොත් මෙම පෙත්සමට පාදක වන කරුණු පදනම් විරහිත වනු ඇතැයිද පැවසීය.
ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස තරග කිරීමට බලාපොරොත්තු වන බැවින් මෙම පෙත්සම දේශපාලනික කරුණක් මුල් කරගෙන ගොනුකර ඇතැයිද, මෙහි පෙත්ස්මකරුවන් වන මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ යන මහත්වරුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ හිතවතුන් දෙදෙනෙකු බවද පැවසු ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා, එහිදී මෙම නඩුවේ වගඋත්තරකරුවකු ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නම් කළ යුතුව තිබූ බවත්, එලෙස නම් කිරීමක් සිදුකර නොමැති බවත් පෙන්වා දුන්නේය.
ඒ අවස්ථාවේදී අධිකරණය ඇමතූ අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා සඳහන් කළේ වගඋත්තරකරුවන්ගේ මෙම මූලික විරෝධතා පිළිබඳ සලකා බැලීම ඉදිරියේදී සිදුකරන අතර, පෙත්සම්කාර පාර්ශ්වයට කරුණු දැක්වීමට අවස්ථාව ලබාදෙන බවයි.
මෙම පෙත්සම අභියාචනාධිකරණයේදී ඊයේ (02දා) පෙරවරුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා කරුණු දක්වමින් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිකුත් කර තිබෙන පුරවැසි සහතිකය නීතිය ඉදිරියේ බලරහිත ලියවිල්ලක් බවත්, පෙත්සමේ 06 වැනි වගඋත්තරකරු වන විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයේ දිවුරුම් දී ඇත්තේ 2005 නොවැම්බර් මස 18 වැනිදා වන අතර, මෙම පෙත්සමට අදාළ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ලියකියවිලිවලට අත්සන් තබා ඇත්නේ නොවැම්බර් 21 වැනිදා බවත් පැවසීය.
එවකට අග්‍රාමාත්‍යවරයාව සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2005 නොවැම්බර් 18 වැනිදා ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමත් සමග කැබිනට් මණ්ඩලය අහෝසි වී ඇති බවත්, රටේ කැබිනට් මණ්ඩලයක් නොමැති සහ කැබිනට් අමාත්‍ය ධුර නොමැති අවස්ථාවකදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසි සහතිකයට අත්සන් තැබීමට එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට බලයක් නොමැති බවත් පෙන්වා දුන් නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා පසුකාලීනව නීතිය හා සාමය අමාත්‍යාංශය අග්‍රාමාත්‍යවරයා යටතට ලබා දී ඇති බවත්, පුරවැසිභාවය සම්බන්ධයෙන් අත්සන් තැබීමට බලය ඇත්තේද එම අමාත්‍යාංශයට බවත් පෙන්වා දුන්නේය.
එම කාලයේදී ආරක්ෂක අමාත්‍යාංශයට ලේකම්වරයෙකු නොසිටි බවත්, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ලියවිල්ලට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අත්සන් තබා ඇතත්, ඔහුට ඒ සඳහා කිසිදු බලයක් නොමැති බවත්, 2005 වසරේ බලාත්මකව පැවැති 17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ 03ක් ජනාධිපති සතුව තබාගත හැකි බවට වගන්තියක් සඳහන්ව නැතැයිද කී නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා එබැවින් මෙරට පුරවැසියෙකු නොවන කෙනෙකු ජනාධිපතිවරයා ලෙස මොහොතකට හෝ පත් වුවහොත් එය රටේ ආරක්ෂාවට විශාල තර්ජනයක් බවද පැවසීය.
මෙහිදී වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇති රජයේ ආයතන වෙනුවෙන් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා සඳහන් කළේ 2005 වර්ෂය වනවිට 19 වැනි සංශෝධනය හරහා විධායක ජනාධිපති ක්රමයේ බලතල අඩු කිරීමක් සිදුකර නොතිබූ බවත්, ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30 වැනි වගන්තිය යටතේ රජයේ සහ රජයේ ප්‍රධානියා ලෙස අමාත්‍යාංශ බෙදීමේ බලය ඇති පුද්ගලයා වශයෙන් අමාත්‍යාංශයක් තවත් පුද්ගලයෙකුට පැවරීමට ප්‍රථම එම සියලු අමාත්‍යාංශ විධායක ජනාධිපතිවරයාට හිමි බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථායේ 44රැ 2 වගන්තියේ සඳහන්ව ඇති බවත්ය.
ඒ අනුව පුරවැසි පනත පිළිබඳ විෂය භාර අමාත්‍යවරයෙකු පත්කර නොතිබුණද, එම අමාත්‍යවරයා සතු බලතල ක්‍රියාත්මක කිරීමේ බලය එවකට විධායක ජනාධිපති ධුරය දැරූ මහින්ද රාජපක්ෂ මහතාට පැවැති බවද රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා වැඩිදුරටත් පැවසීය.
ඒ අවස්ථාවේදී අධිකරණය ඇමතූ විනිසුරු මඬුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නොමැති ලියකියවිලි මොනවාද යන්න සහ ඒවා නැතිවීමට හේතුව කුමක්ද යන්න අද (03දා) උදෑසන අධිකරණයට දැනුම් දෙන ලෙස රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාට දැනුම් දුන්නේය.
පෙත්සම සලකා බැලීම අද (03දා) පස්වරු 1.30 දක්වා කල් තැබිණි.
පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා පෙනී සිටි අතර, වගඋත්තරකාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාද, වගඋත්තරකාර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතාද පෙනී සිටියහ.
නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා පෙනී සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd