හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ අයෝමා රාජපක්ෂ මහත්මිය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ. සිංගප්පූරු ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඔවුන් දෙපළ යළිත් ශ්‍රී ලංකාවට පැමිණියේය. ඔහු දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ ගූවන් තොටුපොළේ සිට කොළඹට රැගෙන ගියේය.
එසේම හිටපු ජනපතිවරයා පිළි ගැනීම වෙනුවෙන් මැතිඇමතිවරුන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයයේ ඔවුන් ගුවන් තොටුපළේ සිට කොළඹ බලා රැගෙන යාමට පියවර ගෙන තිබුණි .