ගුවන් හමුදා පුහුණු ගුවන් යානයක් 21අලුයම වාරියපොල පොලිස් වසමේ මිනුවන්ගැටේ ප්රදේශයේ පොල් වත්තකට කඩා වැටී ඇති බවත් එහි සිටි නිලධාරින් දෙදෙනා දිවි බේරා ගෙන ඇති බවද පොලීසිය පවසයි.
අනතුර සිදු වන අවස්ථාවේ ජෙට් යානයේ සිටි නිලධාරින් දෙදෙනා පැරෂුට් ආධරයෙන් පැන දිවි බේරා ගෙන ඇති අතර ,එම නිලධාරින් දෙදෙනා රෝහල් ගතකර ඇති බවද ආරක්ෂක අංශ සඳහන් කරයි.
ගුවන් නියමුවන් පුහුණු කිරීම සඳහා ගුවන් හමුදාව මගින් තිබූ මෙම පුහුණු ජෙට් යානය ගුවනේදී ඇති වූ කාර්මික දෝෂය හේතුවෙන් , අනුරාධපුර -පාදෙනිය ප්රධාන මාර්ගයේ , වාරියපොල පොලිස් වසමට අයත් මිනුවන්ගැටේ ප්රදේශයට කඩා වැටී ඇති අතර ,ජෙට් යානය ගිණි ගෙන සම් පූර්ණයෙන්ම විනාශ වී ඇති බවද ආරක්ෂක අංශ පවසයි.
සිද්ධිය නැරඹීම සඳහා, මිනුවන්ගැටේ ප්රදේශයට අති විශාල ජනතාවක් පැමිණෙමින් සිටින බවද ,සෙනග පාලනය කිරීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා ඇති බවද පොලීසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් ශ්රී ලංනා ගුවන් හමුදාව සහ වාරියපොල පොලීසිය පරීක්ෂණ සිදු කරයි.



