ගුවන් හමුදාවට අයත් පුහුණු ගුවන් යානයක් ගුවන් හමුදා චීනවරාය කඳවුරු ප්‍රදේශයේදී කඩාවැටීමට ලක්වීමෙන් එහි ගමන් කළ ගුවන් හමුදා නිලධාරීන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨයේ පිහිටි අංක 01 පියාසර පුහුණු පක්ෂාංගයේ ගුවන් නියමුවන් පුහුණු කිරීම සඳහා යොදාගනු ලබන PT 6 වර්ගයේ ගුවන් යානයක් මෙසේ කඩා වැටීමට ලක්ව තිබේ.
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා විසින් අනතුර පිළිබඳ විමර්ශනය කිරීම සඳහා විශේෂ පරීක්ෂණ කමිටුවක් පත්කර ඇති බව ද ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිවේදනය කරයි.