බීමතින් මෝටර් රථයක් පැදවීමේ චෝදනාවට අධිකරණය මගහැර විවෘත වරෙන්තු ලැබ සිටි ගුවන් හමුදා බළගණ නායක නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව නාරාහේන්පිට පොලීසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, කිලිනොච්චි ඉරණමඩු ගුවන් හමුදා කඳවුරට අයත් නිලධාරියෙකි.
මොහු බීමතින් මෝටර් රථයක් පදවමින් සිටියදී නාරහේන්පිට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයේ පෙනී සිටින ලෙසට දන්වා බැඳුම්කරයක් මත මුදා හැර ඇතැයි පොලිසිය සඳහන් කරයි.
අධිකරණය දිනයේ සැකකාර ගුවන් හමුදා නිලධාරියා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහුට විවෘත වරෙන්තු නිකුත් කර ඇත.
එම විවෘත වරෙන්තුව මත ඊයේ (03දා) පස්වරුවේ ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
ඉන්දිකා රාමනායක