ශ්රී ලන්කන් ගුවන් යානා 02/27 දින අවලංගු වීම සහ ප්රමාද වීම් වලට ලක් වීම නිසා ගුවන් මගීන් පත් වී ඇති අපහසුතා පිළිබඳ සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති ඉංජිනේරු අතුල ගල්කැටිය මහතා සිය කනගාටුව පළ කළේය.
කටුනායක මාක්ෆෙඩ් පරිශ්රයේ පිහිටි නිළ නිවසේ 02/27 දින පස්වරු 01.00 පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී සභාපතිවරයා එසේ කනගාටු පළ කළේය .
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා ශ්රී ලන්කන් ගුවන් සේවය තුළ අර්බුද රාශියක් පවතින බවත් , ඒ අතර තාක්ෂණික ගැටළු , ගුවන් යානා සදහා අමතර කොටස් හිගය , සේවක ගැටළු ඇති බවත් පැවසීය .
මෙම ගැටළු විසදා ගැනීම සදහා තමන් සතුව ද යෝජනා කීපයක් ඇති බවත් , ශ්රී ලන්කන් ගුවන් සේවය සමග සාකච්ඡා කර මේ ගැටළු නිරාකරණය කර ගැනීමට හැකි බවත් අතුළ ගල්කැටිය මහතා පැවසීය .
ගුවන් යානා සදහා ප්රවේශ පත්ර මාස කීපයකට පෙර අලෙවි කරන බවත් , ඒ අතරතුර හදිසියේම ගුවන් යානයක් කාර්මික දෝශයකට ලක් වුවහොත් , එම යානයේ ගුවන් ගමන් අවලංගු කිරීමට සිදු වන බවත් පැවසීය .
ඉන්දියාව , තායිලන්තය සහ මැදපෙරදිග රටවල ගමනාන්ත වෙත ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් ගමන් වාර 06ක් 02/27 දින අවලංගු කිරීමකට ලක් කර තිබුණි .