එගොඩ උයන දුම්රිය ස්ථානයේ මගී ගුවන් පාළම අද රාත්රී කඩාවැටීමෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ එක් මාර්ගයක් මුළුමනින්ම අවහිරව තිබේ.
පාළම කඩා වැටීමෙන් මගීන් කිසිවෙකුට හානියක් සිදුව නොමැති අතර දුම් රිය මාර්ගය මතට සුන්බුන් පතිතවී තිබේ.
දුම්රිය මාර්ගයට පතිතවී ඇති සුන්බුන් ඉවත් කිරීමට දුම් රිය සේවකයින් කැදවා තිබුණි.
පාළම කඩාවැටීමත් සමගින් ප්රදේශයේ විදුලි බලය ඇනහිට ඇති අතර,විදුලි පෞද්ගලික සේවකයින් යථා තත්ත්වයට පත්කරමින් සිටියහ.
දුම් රය ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදා මගීන් විකල්ප මාර්ග වලින් යොමුකිරීමට කටයුතු කරන අයුරු දැකගත හැකිවිය .
සුමිත් පොතුපිටිය/රේඛා තරංගනි ෆොන්සේකා

