ගුරුවරුන් සේවයට පැමිණෙන තුරු පාසලේ දරුවන් රැකබලා ගැනීම මෙන්ම පාසල ආරම්භ කිරීමේ කටයුතු දෙමව්පියන්ට පැවරී ඇති පන්ති රැසකට වසර කිහිපයකින් උගන්වා නැති අපූරු පාසලක් පිළිබඳ තොරතුරු ලග්ගල ප්‍රදේශයෙන් වාර්තාවේ.
විදුහල්පතිවරයා සහ ගුරුවරුන් පැමිණීමේ ප්‍රමාදය පිළිබඳව විමසීමේදී මාධ්‍යවේදීන් කලින් දැනුවත් කර පාසලට පැමිණෙන්නේ නම් ගුරුවරුන් කලින් ගෙන්වා ගැනීමට හැකි බව කියයි.
ඉගැන්වීම් කටයුතු සඳහා ප්‍රමාද වී පාසලට එන්නේ කුමක් නිසාදැයි විමසීමේ දී ගුරුවරියන් කියා සිටින්නේ තමන්ට නිවසේ සහ තම දරුවන්ගේ වැඩකටයුතු තිබෙන නිසා ප්‍රමාද වන බවය.
පාසැලේ දරුවන් බොහෝ දෙනකු පාසැල් නොපැමිණෙන බවත් වහාම මෙම පාසලට බලධාරීන්ගේ අවධානය යොමු කරන්නැයි දෙමව්පියෝ ඉල්ලා සිටිති.
මෙම අපූරු පාසල පිහිටා ඇත්තේ ලග්ගල කොට්ටාශයේ විල්ගමුව අධ්‍යාපන කලාපයේය .ලග්ගල හත්තොට අමුණ ප්‍රදේශයේ පිහිටා ඇති ලේල්ඔය ප්‍රාථමික විද්‍යාලයයි
මෙම විද්‍යාලයේ පළමු වසරේ සිට පස් වැනි වසර දක්වා පන්ති පැවැත්වෙයි ගුරුවරුන් පස් දෙනෙකු මෙහි සේවය සඳහා යොදවා සිටින බවත් විදුහල්පතිවරයා අසනීප වී තිබෙන බවද ඔහු මේ වන විට විශ්‍රාම ගැන්වීම සඳහා ලිපි භාරදී තිබෙන බව දෙමව්පියන් කියති
එමෙන්ම එහි තවත් ගුරුවරියක් මෙවන විට ප්‍රසූත නිවාඩු ලබාගෙන තිබෙන බවද තවත් ගුරුවරුන් දෙදෙනෙකු විශ්‍රාම ගැන්වීම සිදුවී තිබෙන බවද දෙමව්පියෝ පවසති .
ඒ අනුව විදුහල්පතිවරයා ඇතුළුව ගුරුවරුන් තුන්දෙනෙකු පමණක් පාසැලට ඉගැන්වීම් කටයුතු සඳහා පැමිණෙන බවද ඔවුන් පවසති.
කෙසේ වෙතත් දෙමව්පියන් දැඩි ලෙස චෝදනා කර සිටියේ වසර ගණනාවක සිට මෙම විදුහලේ එක ගුරුවරියක් හැර අනෙකුත් ගුරුවරුන්ගේ පැමිණීම කිසිදු දවසක වේලාවට සිදු නොවන බවය
සෑම දෙමව්පියෙක්ම උදෑසන තම දරුවා පාසලට රැගෙන විත් පාසල පිරිසුදු කොට දරුවන්ව උදෑසන ආගමික වතාවත් සිදුකොට ගුරුවරුන් පැවරූ වැඩ කොටස් සහ දරුවන්ට ප්‍රශ්න පත්තර ලබාදීම සිදුකරමින් දවසේ කීයට හෝ ගුරුවරු පැමිණෙනතුරු දරුවන් බලා ගැනීම සිදුකරන බවය.
කෙසේ වෙතත් මෙම බරපතළ චෝදනාව පිළිබඳව සොයාබැලීමට 11 දින උදෑසන හතට පමණ අප මෙම විද්‍යාලයට ගියෙමු. අප එම විද්‍යාලයට යන අවස්ථාවේදී ද දෙමව්පියන් පිරිසක් පැමිණ පාසලේ පංති මෙන්ම අවට පිරිසිදු කරන අයුරු දැක ගැනීමට හැකි විය උදෑසන හතයි තිහට පමණ එක ගුරුවරියක් පාසලට පැමිණ සිටියාය . වෙතත් ගුරුවරුන්ගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිසුන් තැන තැන රැඳී සිට සිසුන් විසින්ම පාසලේ සීනුව නාද කොට ඒකරාශී වී දෙමව්පියන්ගේ සහය ඇතිව උදෑසන ආගමික වතාවත් සිදුකරන අයුරුද දැකගැනීමට හැකි විය පැමිණ සිටි එකම ගුරුවරියද එම අවස්ථාවටද සහභාගී නොවී සිටීම අප දුටු තවත් දසුනකි.
කෙසේ වෙතත් මෙම පාසලේ අංග සම්පූර්ණ ගොඩනැගිලි වසර හතරක තිස්සේ වසා දමා ඇති ගුරුනිවාස මෙන්ම භෞතික සම්පත් සියල්ල පවතින බව දෙමව්පියෝ කියති
එහෙත් ගුරු හිඟය බරපතළ ලෙස පවත්වෙන බවද වසර ගණනාවකින් මෙම පාසලේ ඉංග්‍රීසි උගන්වා නැති බවද ඔවුහු චෝදනා කරති.
දරුවන් පිරිස දෙමව්පියන් සමඟ පාසලේ වැඩ කටයුතු ආරම්භ කොට උදෑසන දරුවන් ආහාරය ගැනීමට අවස්ථාවේදී එක ගුරුවරියක් යතුරු පැදියකින් පාසලට පැමිණෙන අයුරු අපට දැක ගැනීමට හැකි විය
ඇය පළමුවැනි වසරේ දරුවන්ට ඉගැන්වීම් කටයුතු කරන ගුරුවරිය බව දෙමව්පියෝ පැවසූහ. පන්තියට ගොස් අප එම ගුරුවරියගෙන් විමසීමේ දී ඇය කියා සිටියේ තමන්ට කිලෝමීටර් හයක් හතක් පමණ දුර ගෙවා යතුරුපැදියකින් පැමිණෙන බවය . තමන්ගේ දරුවන් ගේ වැඩකටයුතු සහ ගෙදරදොරේ වැඩ කටයුතු අවසන් කර පැමිණීමට ප්‍රමාද වන බවද ඇය සඳහන් කිරීම මවිතයට දනවන කරුණක් විය.
කෙසේ වෙතත් එම ප්‍රකාශය ලබාදෙන අවස්ථාවේදී යතුරුපැදියකින් විදුහල්පතිවරයා පාසලට ඇතුළු වෙන අයුරුද අපට දැක ගැනීමට හැකි වූයේ දෙමව්පියන් විසින් පෙන්වා දුන් නිසාවෙනි.
වීද්යාලයේ තැන තැන විදුලි බුබුළු දැල්වීම ජලය උතුරා යෑම ආදී පෙන්වා දුන් දෙමව්පියන් කියා සිටියේ කියට හෝ මෙම ජල සම්පත විදුලි සම්පත දෙමව්පියකු විසින් වසා දමන තුරු විනාශ වීමේ සිදුවන බවය.
කෙසේ වෙතත් මෙම විදුහල්පතිවරයා පාසලට පැමිණීමත් සමඟ දෙමව්පියන් සියලු දෙනා එම ස්ථානයට ගොස් වීදුහල්පතිවරයාට මේ බව ප්‍රකාශ කරන්නට විය.
ලේල්ඔය ප්‍රාථමික විදුහලේ විදුහල්පති පී .ජී. සමරකෝන් බණ්ඩා මහතා ගෙන් මේ පිළිබඳව අප විමසීමේ දී ඔහු කියා සිටියේ මාධ්‍යවේදීන්ට පාසලට ඇතුළු වීමට කිසිදු අවසරයක් නැති බවය. තමන්ගේ අවසරයකින් තොරව ඇතුළු වූයේ කෙසේදැයි ඔහු අපගෙන් ප්‍රශ්න කරන්නට විය. කෙසේ වෙතත් ගුරු වරුන්ගේ පැමිණීම පිළිබඳව ප්‍රමාදය පිළිබඳව විමසීමේදී ඔහු කියා සිටියේ පෙර දින පස්වරුවේ මාධ්‍යවේදීන් පැමිණෙන බව තමාට දැනුවත් කර සිටියේ නම් ඊට විසඳුමක් ලබාදීමට තිබුණු බවය.
කෙසේ වෙතත් කෝපයට පත් වූ එම ප්‍රමාද වී පැමිණි ගුරුවරිය සහ විදුහල්පතිවරයා කියා සිටියේ තමන් අසනීප තත්ත්වයෙන් සිටින බවය.එම ගුරුවරිය කියා සිටියේ මාධ්‍යට ඕනෑ දෙයක් දැම්මට තමාට කිසිදු ගැටළුවක් ඇති නොවන බවය.
කෙසේ වෙතත් දෙමව්පියන් කියා සිටියේ තම පාසැලේ ඉගෙන ගන්න දරුවන්ට සිදුවන මෙම මහා අපරාධය සහ ගුරු හිඟයට කඩිනම් විසඳුම් ලබාදීම සිදුකළ යුතු බවය
දරුවන්ගේ අනාරක්ෂිත භාවයට වගකීම විදුහල්පතිවරයා සහ ගුරුවරුන් ගතයුතු බවද ඔවුහු වැඩිදුරටත් අවධාරණය කරන්නට වූහ.
අප මේ පිලිබදව ලග්ගල කොට්ටාශ අධාපන අධ්යක්ෂ එච් .පි .පාලිත මහතාගෙන් විමසීමේදී කිවේ ගුරුවරයෙක් එම පාසලට ලබාදීමට සාකච්චා කර ඇති බවය තමන්ට දිනපතා පාසල් අධීක්ෂණය කිරීමට අවාස්තාවක් නැති බව පැවසිය .