දිවයිනේ රජයේ පාසල්වල සේවය කරන ගුරුවරියන්ගේ සංඛ්‍යාව ගුරුවරුන්ගේ සංඛ්‍යාව මෙන් තුන් ගුණයක් වේ.
දිවයින පුරා ජාතික පාසල් 396 ක් හා පළාත් පාසල් 9730 ක් වශයෙන් මුළු පාසල් සංඛ්‍යාව 10126 කි. ඒවායේ සේවය කරන මුළු ගුරු සඛ්‍යාව 236,738 කි.එයින් 56,817 ක් ගුරුවරු වන අතර ගුරුවරියන් ගණන 179,921 කි.එය මුළු ගුරු සංඛ්‍යාවෙන් සියයට 76 ක ප්රතිශතයකි.
අධ්‍යාපන අමාත්‍යාංශය මගින් 2022 වසරට අදාලව සකස් කළ පාසල් පද්ධතියේ නවතම සංඛ්‍යා දත්ත වාර්තාව මගින් මෙම තොරතුරු අනාවරණය කර ඇති අතර දිවයිනේ සිසුන් සංඛ්‍යාව 50 ට අඩු පාසල් 1473 ක් හා සිසුන් 4000 ට වැඩි පාසල් 34 ක් තිබෙන බව ද එම දත්ත වාර්තාවේ සඳහන්වේ.
ජේ. ඉඳුරුවගේ